How to be Beautiful with Ayurveda Sri Lanka


ආයුර්වේදයට අනුව ලස්සන වෙන හැටි

අපි දන්නවා ගොඩක් අපේ ගෑණු ළමයි එක එක රූපලාවන්‍ය ප්‍රශ්න වලින් ඉන්නවා කියලා. තවත් විදියකට කියනවනම්, “කොහොමද මම ලස්සන වෙන්නේ? කොහොමද මේ කැළැල් නැති කරගන්නේ?” වගේ දේවල් හිත හිතනේ ඉන්නේ. ඒ වගේම ගොඩක් අය, මේ දේවල් වලට ඉක්මන් විසදුම් හොයන්නෙත්. නමුත්, අද market එකේ තියෙන ගොඩක් ආලේපන වර්ග ඉක්මන් විසදුම් දුන්නත්, ගොඩක් ඒවා වල අහිතකර බලපෑම් තියෙනවා. ඉතින් හැමදේටම වැඩිය හොදයි නේද ආයුර්වේදයට අනුව ස්වභාවික දෑ යොදා ගෙන මේ ප්‍රශ්න විසදගෙන ලස්සන වෙන එක? ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ආයුර්වේදයට අනුව ලස්සන වෙන්න පුළුවන් පුංචි tips ටිකක්…

01. එළකිරි මගින් සම හා සමේ ඇති කුහර පිරිසිදු කර ගැනීම
සම පිරිසිදු කරගන්නට ආයුර්වේදය භාවිතා කරන එක ද්‍රව්‍යක් තමයි “එළකිරි”. ඇත්තටම එය ඔයාගේ මුහුණට දීප්තියක් ගෙන දෙනවා. ඒ වගේම සමේ හා කුහර වල ඇති දුවිලි, අපද්‍රව්‍ය සේරම වගේ මෙයින් පිරිසිදු වෙනවා. Cotton ball එකක් ආධාරයෙන් ඔයාට මේ cleanse එක කර ගන්න පුළුවන්. කැමතිනම්, ඔයාට මේ එළකිරි වලට ලෙමන් යුෂත් මිශ්‍ර කර ආලේප කරන්න පුළුවන්.

02. දොඩම් වලින් සමේ අවපැහය ඉවත් කර ගැනීම
නැවුම් දොඩම් ගෙඩියක් ගෙන එය ඔයාගේ මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සමේ ස්වභාවය වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. දොඩම්, විටමින් C වලින් බහුල නිසා, මෙය skin toner එකක් විදියටත් ක්‍රියා කරනවා. ඇත්තටම, මෙය හොද ප්‍රතිකාරයක් තෙල් සහිත සමකට.

03. “සඳුන් හා කහ” මගින් මුහුණේ ඇති කැළැල් අඩු කර ගැනීම
සදුන් තේ හැන්දක් හා කහ කහ තේ හැන්දක් ගෙන වතුරත් සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15-20 ට පසු, ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

04. “ඔලිව් තෙල්” මගින් සමට තෙතමනයක් ලබා ගැනීම හා සම රැළි වැටීමෙන් වලක්වා ගැනීම
රෑ නින්දට යන්නට කලින් ඔලිව් තෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කිරීමෙන්, ඔයාගේ සම අලුත් කරවයි, ඒ වගේම තෙතමනය රදවා පවතියි, ඒ වගේම සම රැළි වැටීමෙන් වලක්වයි.

ස්වභාවික දේවල් යොදා ගෙන ලස්සන වෙන්න නිතරම try කරන්න. මේ වගේ තවත් beauty tips ගෙන අපි ඉදිරියේදී කියන්නම්කො…..

Most of our girls are suffering from beauty related matters. And most of them are looking for instant solutions for that. So they are looking for western cultured medicines which are made with chemicals. But do you know that our Ayurveda Sri Lanka has in its stores some of the best solutions for all kinds of beauty related matters? What you have to do is tap into nature’s immense potential to keep our skin beautiful. We know our Ayurveda Sri Lanka is our very own science of medicine that is attracting many tourists also.

Therefore, today let’s see how to be beautiful with Ayurveda Sri Lanka.

Some of Beauty Tips from Ayurveda Sri Lanka

Cleanse your skin and pores with using raw milk

One of well-known and basic beauty tips even in Ayurveda Sri Lanka is cleansing the skin by using raw milk. It gives a glow to your face. And it helps to remove unseen dirt and impurities from the face as well as the pores of the skin. You can cleanse your skin by using raw milk with a cotton ball. If you like, you can mix a little lemon juice with this raw milk also.

Have a smooth complexion with orange

If you will apply fresh orange juice in your face, you will see an improvement in the texture of your skin as well as the skin tone. Orange is rich with Vitamin C and it enables your body to fight ageing as well as it acts as a good skin toner. This is a good remedy for the oily skin.

Control the acne with “Sandalwood and Turmeric”

You can make a pack by using 1tsp of sandalwood powder and turmeric with water. Once you make the mixture, apply it on your face and leave it in for 15-20 minutes. Then, rinse off it with lukewarm water.

Moisturize your skin with “Olive Oil”, to avoid wrinkles

Not only in Ayurveda Sri Lanka, but also, other parts of the world have accepted that olive oil is one of good natural moisturizer. It is loaded with antioxidants and fatty acids. You can apply a thin layer of olive oil onto your skin before bed every night. By that, you can restore your skin and prevent the formation of wrinkles.

These are some of basic beauty tips from Ayurveda Sri Lanka. More secrets of Ayurveda Sri Lanka will be discussed in future…..



Follow Me